කොවිඩ් ආසාදිතයින් 07 දෙනෙකු ඊයේ (26) මෙරටින් හඳුනා ගෙන තිබේ.
ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 672,150 කි .
කොරෝනා ආසාදිතයින් 2 දෙනෙකු මිය ගොස් ඇතැයි, වසංගත රෝග විද්‍යා ඒකකය ඊයේ (26) තහවුරු කළේ ය.
ආසාදිතයින් 24 දෙනෙකු මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර කොවිඩ් ආසාදිතව සිට සුවය ලැබු සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 655,285කි.
මෙම තත්ත්වය තුළ සෞඛ්‍ය උපදෙස් නිරන්තරයෙන් පිළිපදින්නැයි සෞඛ්‍ය අංශ ජනතාවට දැනුම් දෙයි.


