COVID-19 සම්බන්ධව, රට තුළට පැමිණෙන පුද්ගලයින්ට පනවා ඇති සීමාවන් ඉවත් කිරීමට ජපාන රජය තීරණය කර තිබේ.
ඒ අනුව එළැඹෙන සෙනසුරාදා දින අදාළ සීමාවන් ඉවත් කෙරෙනු ඇති.
දැනට පවතින කොවිඩ් නීතිවලට අනුව ජපානයට ඇතුළු වන පුද්ගලයින්ට කොරෝනා එන්නත් මාත්‍රා තුනක් ලබාගෙන ඇති බවට වාර්තා ඉදිරිපත් කළ යුතුයි.
ජපානයේ වසන්ත සමයේ නිවාඩුව මෙම සති අන්තයේ ආරම්භ වන අතර එම කාල සීමාව තුළ සංචාරයෙහි යෙදෙන පුද්ගලයින්ගේ පහසුව වෙනුවෙන් එම තීරණය ගත් බව ජපාන බලධාරින් සඳහන් කර තිබේ.


