අධිවේගි මාර්ග ගාස්තු ඉහළට…

දිවයිනේ සියලු ම අධිවේගී මාර්ගවල ගාස්තු සංශෝධනය කරමින් ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව, වාහ ම ක්‍රියාත්මක වන පරිදි මෙම මිල වෙනස් කිරීමට අනුගත විය යුතු බව ද ප්‍රවාහන හා මහමාර්ග අමාත්‍යාංශය සඳහන් කළේ ය.

කටුනායක සිට හම්බන්තොට පිවිසුම දක්වා රෝද හතරේ වාහනයක් සඳහා මෙතෙක් අය කළ රුපියල් 1,000ක ගාස්තුව රුපියල් 300කින් ඉහළ දමා ඇති බව ත් ඒ අනුව නව මිල රුපියල් 1,300ක් බවත් එහි දක්වා ඇත.

රෝද හතරේ වාහනයක් සඳහා එම මාර්ගයේ ධාවනය සඳහා මෙතෙක් අය කරනු ලැබූ රුපියල් 1,900ක ගාස්තුව රුපියල් 450කින් ඉහළ දමා ඇති බවත් රෝද හයට වැඩි බර වාහන සඳහා අයකරනු ලබන ගාස්තුව රුපියල් 800කින් ඉහළ දමා ඇති බව ත් එහි සඳහන් කර ඇත.

එසේ ම, මීරිගම සිට කුරුණෑගල දක්වා අධිවේගී මාර්ග කොටසේ ධාවනයට අය කරනු ලබන ගාස්තුව රෝද හතරේ වාහනයක් සඳහා රුපියල් 300කින් ද, රෝද හයේ වාහනයක් සඳහා රුපියල් 450කින් හා රෝද හයට වඩා වැඩි වාහන සඳහා රුපියල් 700කින් ද මිල ඉහළ දමා තිබේ.

පෑලියගොඩ සිට කටුනායක දක්වා අධිවේගී මාර්ගයේ රෝද හතරේ වාහනයක් ධාවනය කිරීමේ නව මිල රුපියල් 400කින් ද, රෝද හයේ වාහනයක් සඳහා රුපියල් 550කින් හා රෝද හයට වැඩි වාහන සඳහා රුපියල් 750කින් ද වැඩි කරන බව එම ගැසට් නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *