මෑත කාලයේ ඉහළම බලශක්ති ඉල්ලුම ඊයේ වාර්තා වෙයි

මෑත කාලයේ ඉහළම බලශක්ති ඉල්ලුම ඊයේ (19) වාර්තා වූ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

ඒ අනුව බලශක්ති උත්පාදනය සඳහා 49.53 GWh ශුද්ධ ජනනය අවශ්‍ය වූ බවත් ද දින සඳහා 50 GWh ඉක්මවන ඇස්තමේන්තුගත බලශක්ති ඉල්ලුමක් පුරෝකථනය කරන බවයි Twitter පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා සඳහන් කළේ.

මෑතකදී පිහිටුවන ලද හම්බන්තොට ඩීසල් බලයෙන් ක්‍රියාත්මක වන ජනක යන්ත්‍ර ඇතුළු සියලුම ලංවිම තාප බලාගාර විදුලි උත්පාදනය සඳහා යොදා ගැනෙන බවයි වැඩිදුරටත සඳහන් වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *