බිත්තර මිලට ගැසට් නිවේදනයක් !

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය බිත්තර සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. 

ඒ අනුව සුදු බිත්තරයක් අලෙවි කළ හැකි උපරිම සිල්ලර මිල රුපියල් 44 කි. 

දුඹුරු බිත්තරයක් අලෙවි කළ යුත්තේ රුපියල් 46 කටයි. 

මේ අතර සුදු බිත්තර කිලෝග්‍රෑමයක් අලෙවි කළ හැකි මිල රුපියල් 880 ක් බවත් දුඹුරු බිත්තර කිලෝග්‍රෑමයක මිල රුපියල් 920 ක් බව එම ගැසට් නිවේදනයේ සඳහන් වේ.

මෙම මිල අද දින සිට ක්‍රියාත්මක වේ.

ගැසට් නිවේදනය පහතින්,

Leave a Reply

Your email address will not be published. Required fields are marked *