ජාතික ආණ්ඩුවක් සඳහා සියලු මන්ත්‍රීවරුන්ට ජනපතිගෙන් ආරාධනා…

ජනාධිපතිවරයා විසින් සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත ජාතික ආණ්ඩුවක් සඳහා ආරාධනයක් සිදු කිරීමේ සූදානමක් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් පවසයි.

මේ වන විටත් තමා ඇතුළු පක්ෂ නියෝජිතයින් කිහිපදෙනෙකුට ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ජනාධිපතිවරයා ආරාධනා කර ඇති බවත් ඔහු සඳහන් කළේය.

ඒ අනුව මේ පිළිබඳව සාකච්ඡා කර තීරණයකට එළඹීමට අපේක්ෂා කරන බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අතර මැතිවරණ ඉලක්ක කර ගනිමින් ආණ්ඩුව ශක්තිමත් කරගැනීම සඳහා විපක්ෂයේ මන්ත්‍රීවරුන් විවිධ උපක්‍රම හරහා ආණ්ඩුවට එක්කර ගැනීමට කටයුතු කරමින් සිටින බව සමගි ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *