පාස්කු ප්‍රහාරයට අවුරුදු 4 සපීරීම වෙනුවෙන් ජනපවුරක්!

පාස්කු ප්‍රහාරයට අවුරුදු හතරක් පිරෙන ලබන 21 වැනිදා කොච්චිකඩේ, ශාන්ත අන්තෝනි දේවස්ථානයේ සිට කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය දක්වා මීගමුව – කොළඹ මාර්ගයේ දෙපස ජන පවුරක් නිර්මාණය කරන බව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පවසති.

කාදිනල් තුමන් මේ බව සඳහන් කළේ බිෂොප් මන්දිරයේ දී පැවති මාධ්‍ය හමුවක දී ය.

එදින පෙරවරු 8.00 සිට 9.00 දක්වා එම සාමකාමී විරෝධතාවය පැවැත්වේ.

එහිදී පාස්කුදා ප්‍රහාරය පළමු බෝම්බ ප්‍රහාරය සිදුවූ පෙරවරු 8.45ට විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් ආරක්ෂා කරන බවද අගරදගුරුතුමෝ පැවසූහ.

මෙම ජනපවුර ශක්තිමත් කිරීමට ජාති, ආගම්, කුලමල, පාට පක්ෂ භේද නොසලකා පෙළගැසෙන ලෙස යුක්තිය අගයන  සියලු‍ ජනතාවගෙන් ඉල්ලා සිටින බවද එතනට පැමිණිය නොහැකි සියලු‍ දෙනාට පෙරවරු 8.45ට තමන් වැඩ කරන ස්ථානයේ නැගී සිටිමින් විනාඩි දෙකක නිශ්ශබ්දතාවක් ආරක්ෂා කරන ලෙස ඉල්ලා සිටින බවද කාදිනල් තුමෝ සඳහන් කළහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *