පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් පලා ගිය සියලු දෙනා අත්අඩංගුවට…

බදුල්ල, තල්දෙණ තරුණ වරදකරුවන්ගේ විශෝධන මධ්‍යස්ථානයෙන් පලා ගිය රැඳවියන් සියලු දෙනා මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්දන ඒකනායක පවසයි.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, ඊයේ (අප්‍රේල් 17) සවස් කාලයේ කන්දකැටිය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් වැල්ලවත්ත ප්‍රදේශයේදී රැඳවියන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබ ඇති බව ය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 23 සහ 27 වයස්වල පසුවන වැල්ලම්පිටිය, දෙමටගොඩ, මට්ටක්කුලිය සහ මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.

අද (අප්‍රේල් 18) අලුයම කඳවුර අවට ඇති රක්ෂිත වනාන්තයේ සැඟව සිටියදී තව ත් රැඳවියන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

සැකකරුවන් අද (අප්‍රේල් 18) දින බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත ය.

සිද්ධිය සම්බන්ධයෙන් කන්දකැටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *