රාජිතගේ සජබ සාමාජිකත්වය අහෝසි වෙයිද?

සමගි ජන බලවේගය පක්ෂයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර රාජිත සේනාරත්නගේ

පක්ෂ සාමාජිකත්වය අහෝසි කරන ලෙස මන්ත්‍රීවරුන් රැසක් එම පක්ෂයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ගෙන් ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වේ.


රාජිත සේනාරත්න පක්ෂයේ තීරණවලට පටහැනිවන ආකාරයේ ප්‍රකාශ දිගින් දිගටම නිකුත් කරමින් සිටින හෙයින්  ඔහුගේ එම ක්‍රියා කලාපය පක්ෂයට විශාල හානියක් බව එම මන්ත්‍රීවරුන් විපක්ෂ නායකවරයාට වැඩිදුරටත් දැනුම්දී ඇත.

එහෙත් පක්ෂ නායකත්වය තවමත් ඒ සම්බන්ධයෙන් තීරණයක් ප්‍රකාශයට පත් කර නැතැයි දැනගන්නට ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *