“ෆීනික්ස් කුරුල්ලා වගේ අපිත් අයේ නැගිට්ටා” – සංජීව එදිරිමාන්න

” පොහොට්ටුවේ අපිත් වැටුණ. ඒත් අපි ආයෙත් නැගිට්ට. මීට මාස කීපයකට පෙර කලුතර අපි සංවිධාන කරපු මහ රැස්වීමේදි මම කිව්ව ෆීනික්ස් කුරුල්ලගෙ කතාව මතකයි නේද?…මම එදා කිව්ව ග්‍රීක ජන කතාවක එන ෆීනික්ස් කුරුල්ල සංකේතවත් කරන්නෙ ගින්නෙන් යළි ඉපදීම අළු මතින් යළි නැගිටීම. ෆීනික්ස් කුරුල්ල වගේ අපි යළි නැගිට්ටා…” යයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (පොහොට්ටුව) කළුතර දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න පැවසිය.

ඔහු එබව කියා සිටියේ, යටියන්තොට ආසනයේ පොහොට්ටුවේ ආසන සම්මේලනය අමතමිනි.

යටියන්තොට සම්බන්ධීකරණ මූලස්ථානයේ දී ඊයේ (08) පැවති එම සමුළුවේ ආරාධිත දේශනය සිදුකරනු ලැබුවේ සංජීව එදිරිමාන්න මන්ත්‍රීවරයාය.

” අපේ ප්‍රශ්න ඔක්කොම තාම ඉවර නෑ. අපිව විශ්වාස කල අවංක  මිනිස්සු වෙනුවෙන් අපි තව බොහෝ දේ කල යුතුයි. අදියරෙන් අදියර ඒ වගකීම ඉටු කරමින් තමයි අපි ඉස්සරහට යන්නෙ. හැබැයි දේශපාලනිකව අපිට වඩා ඉස්සරහින් ඉන්නව වගේ පෙන්නපු සජබෙ අද ඉන්නෙ බරපතල අවුලක. ඒ අවුලට හේතුව අනපේක්ෂිත මොහොතක අනපේක්ෂිත විදිහට රනිල් වික්‍රමසිංහ ජනාධිපති දූරය ට පත්වීම. සජිත් ප්‍රේමදාස මෙහෙම අභියෝගයකට ලෑස්ති වෙලා හිටියෙ නෑ. අද සජබෙ පුවක් වල්ල ගලෙ ගැහුව වගේ විසිරිලා. අපේ කලුතර දෙන්නම අද සජිත් එක්ක නෑ .මම මේ කිව්වෙ කුමාර වෙල්ගම යි රාජිත සේනාරත්නයි ගැන. මම තේරෙන විදිහට කෑගල්ලෙ දෙන්නත් සජිත්ට නෑ.” සංජීව එදිරිමාන්න මන්ත්‍රීවරයා වැඩි දුරටත් කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *