ජල සම්පාදන හා ජලාපවහන සේවකයින් දින 4ක් තිස්සේ දියත් කළ වර්ජනය අවසන් කර තිබේ.
ජල සම්පාදන වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානයේ කැඳවුම්කරු ඉන්ජිනේරු උපාලි රත්නායක සඳහන් කර ඇත්තේ, ඉල්ලීම් ඉටු වූ බැවින් අද (අප්‍රේල් 7) සිට යළි රාජකාරිවලට අවතීර්ණ වන බව ය.
ඉතිරි වෛද්‍ය නිවාඩු සඳහා වන දීමනා ලබා දීමට භාණ්ඩාගාරයේ රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලිඛිත එකඟතාව පළ කිරීමත් සමග වර්ජනය අවසන් කිරීමට තීරණය කළ බව ඔහු සඳහන් කර ඇත.


