සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සවය නිමිත්තෙන් ලබන 13 හා 14 දෙදින තුළ සුරාබදු බලපත්‍ර ලත් මත්පැන්හල් වසා තැබිය යුතු බවට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා නියෝග කර තිබේ.
අලුත් අවුරුදු උත්සව කාලසීමාව තුළ සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාගේ නියමය පරිදි නීති විරෝධී මත්ද්‍රව්‍ය, මත්පැන් ග්‍රහණය කිරීමට සහ මත්පැන් විකිණීමේ බලපත්‍රලත් ස්ථාන අධීක්ෂණය කිරීමේ රාජකාරිවලට සුරාබදු නිලධාරීන් 1200ක් යොදවා ඇතැයි ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
සහකාර සුරාබදු කොමසාරිස් කොට්ඨාස 13ක්, සුරාබදු අධිකාරි කොට්ඨාස 31ක්, දිවයින පුරා ව්‍යාප්තව පවතින සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකක 5ක් සහ සුරාබදු ස්ථාන 57ක් යටතේ මෙම නිලධාරීන් යොදවා සිටින බව ද එම දෙපාර්තමේන්තුව පවසයි.
මෙම කාල සීමාව තුළ සිදුවන සුරා අපරාධ, මත්ද්‍රව්‍ය අපරාධ සහ දුම්කොළ අපරාධ සම්බන්ධ පැමිණිලි භාර ගැනීම සඳහා සුරාබදු දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් මැදිරිය හා සම්බන්ධිත අංක 1913 දුරකතනය මහජනතාව සඳහා විවෘතව තබා ඇතැයි ද ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.


