මැතිවරණ කොමිෂන් සභාව අද (04) රැස්වීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් මේ වන විට ඇති තත්ත්වය සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කිරීමට නියමිත බවයි සඳහන් වන්නේ.
පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට මේ වන විට දින නියම කර තිබෙන්නේ අප්‍රේල් 25 වන අතර තැපැල් ඡන්ද විමසීම දින නියමයක් නොමැතිව කල් දැමීමට මීට පෙර තීරණය කළා.


