ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වන ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඡන්ද විමසීමක් සිදු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.
මෙම වැඩසටහනට සහය ලබා දෙන ලෙසට ආණ්ඩු පාර්ශ්වයෙන් යෝජනාවක් ඉදිරිපත් කරන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේ ය.
සෑම මන්ත්‍රීවරයෙකු ම මේ පිළිබඳව පාර්ලිමේන්තුවේදී කිසියම් ස්ථාවරයක සිටිය යුතු බව ද හෙතෙම ප්‍රකාශ කළේ ය.
මන්ත්‍රීවරුන් මෙම ගිවිසුමට සහය දෙනවා ද නැද්ද යන්න පිළිබඳව තීරණය කිරීමෙන් අනතුරුව එහි ඇති ප්‍රධාන කරුණු නීතියක් ලෙස ගෙනෙන බව ද වික්‍රමසිංහ මහතා කීවේ ය.
මුදල් අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ පසුගිය දා (අප්‍රේල් 2) පැවති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැඩසටහන පිළිබඳ විශ්වවිද්‍යාල ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයන්හි ආචාර්යවරුන් දැනුවත් කිරීමේ අවස්ථාව අමතමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟතාවේ තිබෙන ප්‍රධාන කරුණු නීතියක් හැටියට ගෙන ඒමේදී එහි යම් වෙනසක් අවශ්‍ය නම් පාර්ලිමේන්තුවට යා යුතු බව පැවැසූ හෙතෙම එහි මූලික අංශ මැයි මාසයේ ඉදිරිපත් කරන බව සඳහන් කළේ ය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන පිළිබඳව රාජ්‍ය නිලධාරීන් සමග සාකච්ඡා කිරීමට සහ අදහස් ලබා ගැනීම සඳහා සෑම විශ්වවිද්‍යාලයකින් ම ආර්ථික විද්‍යා අධ්‍යයනාංශවල දක්ෂතම සිසුන් දස දෙනකු යොමු කරන ලෙසද ජනාධිපති රනිල් වික්‍රමසිංහ එහිදී දැනුම් දුන්නේ ය.
ඒ අතරින්, සිසුන් පිරිසකට පිළිගත් විදේශ විශ්වවිද්‍යාලවල ශිෂ්‍යත්ව ලබා දීමට කටයුතු කරන බවද ජනාධිපතිවරයා සඳහන් කළේ ය.
18 වන වතාවටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යාමට තමා කිසිසේත් ම බලාපොරොත්තු නොවන බව හෙතෙම අවධාරණය කළේ ය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන සම්බන්ධව සිංහල හා දෙමළ අලුත් අවුරුද්දෙන් පසුව ග්‍රාමීය අංශ දැනුම්වත් කරන බවත් දෙවනුව හරිත ආර්ථිකය ඇතුළු රජයේ වැඩසටහන් මොනවා ද යන්න දැනුම් දෙන බවත් වික්‍රමසිංහ මහතා පැවසීය.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත් කෙටුම්පත සත්‍ය හා ප්‍රතිසන්ධාන කොමිසම සහ දූෂණ විරෝධී පනත් කෙටුම්පත යන කෙටුම්පත් තුන ම ජූනි මාසය වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේ ය.
අප්‍රේල් මාසයේ අවසානය වන විට එක කෙටුම්පතක් ඉදිරිපත් කිරීමට හැකි වනු ඇති බව ද ඔහු කීවේ ය.
ශ්‍රේෂ්ඨාධිකරණයට මෙම පනත් පිළිබඳව අවධානය යොමු කිරීමට අපහසු වීම ඇතුළු හේතු කිහිපයක් මත මෙම පනත් තුන ම එකට ඉදිරිපත් නොකරන ලෙසට අධිකරණ ඇමතිවරයා සහ අගවිනිසුරුවරයා ඉල්ලා ඇතැයි ද හෙතෙම පැවසීය.


