දවසේ කාලගුණය…

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මධ්‍යම, සබරගමුව, දකුණු සහ උතුරු මැද පළාත්වලත් ත්‍රිකුණාමලය, වවුනියා සහ මුලතිවු දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී.75 ට වැඩි තරමක් තද වැසිද ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වන වෙරළ බඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියාව පවතිනවා.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *