වසන්ත මුදලිගේ නිදහසට එරෙහිව නීතිපති ඉදිරිපත් කළ පෙත්සම විභාගයට

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ නිදහස් කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය ගත් තීරණයට එරෙහිව නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ අභියාචනය ජුනි 01 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියෝග කර තිබෙනවා.

අදාළ පෙත්සම අද (03) කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් නෛතික දෝෂයක් නිවැරදි කිරීම සඳහා පමණක් එම පෙත්සම අද කැඳවන ලෙස ඉල්ලා සිටි බවට දන්වා තිබෙනවා.

ඒ අනුව නඩුවට අදාළ ලිඛිත දේශන ඉදිරිපත් කරන ලෙස නියම කළ අධිකරණය පෙත්සම ජුනි මස 01 වනදා කැඳවන ලෙස අධිකරණය නියෝග කර ඇති බවයි සඳහන් වන්නේ.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි වසන්ත මුදලිගේ ප්‍රමාණවත් සාක්ෂි නොමැති බව සඳහන් කරමින් නිදහස් කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ගත් තීරණය නීතියට පටහැනි බවයි නීතිපතිවරයා සිය පෙත්සම මඟින් පෙන්වා දෙන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *