සවස් කාලයේ පළාත් කීපයකටම වැසි

ඌව, මධ්‍යම, දකුණු, සබරගමුව, බස්නාහිර, වයඹ සහ උතුරු මැද පළාත්වලත් මන්නාරම දිස්ත්‍රික්කයේත් තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ඇතැම් ස්ථාන වලට මි. මී. 50 ට වැඩි තරමක් තද වැසිද ඇති විය හැකි බවත් මඩකලපුව, අම්පාර සහ මොණරාගල දිස්ත්‍රික්කවල උදැසන කාලයේදී වැසි ඇති විය හැකි බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *