ආනයනික අත්‍යාවශ්‍ය භාණ්ඩ වර්ග තුනක මිල අඩු වී ඇත.
ඒ අනුව සුදු සීනි,පරිප්පු හා තිරිඟු පිටි වල මිල අඩු වී ඇති බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසයි.
මෙතෙක් රු.220ට තිබු සුදු සීනි කිලෝවක නව මිල රු.200කි.
රු.340ට පැවති පරිප්පු කිලෝවක නව මිල රු.310ක් වන අතර රු.230ට පැවති තිරිඟු පිටි කිලෝවක නව මිල රු.210ක් බව එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න කියා සිටියේය.


