ප්‍රතිත්‍රස්ත පනත පිළිබඳව සිවිල් ක්‍රියාකාරීන්, මහජන සංවිධාන සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරු පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරුන් සමඟ ද සාකච්ඡා කොට සම්මත කරගැනීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසනවා.
ඒ අනුව ප්‍රතිත්‍රස්ත පනත මෙම මාසය තුළදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවයි අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ.
මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් මේ වන විට මහජන සංවිධාන සහ දේශපාලන ක්‍රියාකාරීන් අතර දැඩි කතාබහක් ද ඇතිව තිබෙනවා.


