රංගන ශිල්පී අමරසිරි කලංසූරිය දිවි සැරිය නිම කරයි

සිංහල සිනමාවේ තවත් පුරෝගාමියෙකු වූ ප්‍රවීන රංගන ශිල්පී අමරසිරි කලංසූරිය අද (01) ජීවිතයෙන් සමුගෙන තිබෙනවා.

හන්තානේ කතාව චිත්‍රපටය තුළින් සිංහල සිනමාවට පිවිසෙන ඔහු මෙරට ප්‍රමුඛ පෙළේ රංගන ශිල්පීන් රැසක් සමඟ සිය කලා කටයුතු කර තිබුණා.

1986 වසරේ දී හොඳම නළුවාට හිමි ජනාධිපති සම්මානයෙන් ද අරමසිරි කලංසූරිය පිදුම් ලබා තිබෙනවා.

සිංහල සිනමාව තුළ “කලං” යන නමින් ප්‍රසිද්ධ වූ ඔහු මිය යන විට 82 වන වියේ පසුවුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *