කිරිපිටි මිලත් පහළට

ආනයනික කිරිපිටි මිල අද (01) සිට අඩු කෙරෙන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

ඒ අනුව කිලෝ ග්‍රෑම් 01ක වන කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 200කින් සහ ග්‍රෑම් 400ක කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 80කින් අඩු කිරීමට නියමිතයි.

ලබන සඳුදා දිනයේ සිට නව මිල ගණන් යටතේ කිරිපිටි වෙළෙඳපොළට නිකුත් කිරීමට නියමිත බවත් එම සංගමය වැඩිදුරටත් පවසා සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *