“මෙතෙක් භූ කම්පනමාන සවි නොකළ ප්‍රදේශ වල වහා භූ කම්පනමාන සවි කළ යුතුයි”

කොළඹ හා තදාසන්න ප්‍රදේශ ඇතුළු මෙතෙක් භූ කම්පන මාන සවිකර නොමැති ප්‍රදේශවල ඉක්මනින් භූ කම්පන මාන සවි කළ යුතු යැයි භූ ගර්භ විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න පවසයි.

මේ වන විට ශ්‍රී ලංකාවේ භූමිකම්පා ඇතිවීමේ යම් ප්‍රවණතාවක් ඇතැයි බැලූ බැල්මට පෙනී යන බැවින්, භූ කම්පන පිළිබඳව අවධානයෙන් සිටිය යුතු බව ත්, කම්පන මාන සවි කිරීම පමණක් නොව මෙරට සිදුවූ භූ කම්පන ගැන දත්ත රැස් කිරීම ආරම්භ කළ යුතු බව ත් හෙතෙම කියා සිටියේ ය.

මේ වන විට රටේ ස්ථාන කිහිපයක කම්පන මාන සවි කර ඇතත් කොළඹ හා ආසන්න ප්‍රදේශවල කම්පන මාන සවිකර නැති බව මහාචාර්යවරයා පෙන්වා දුන්නේ ය.

1966 දී ‘හන්ටර් සර්වේයර් සමාගම’ මගින් ශ්‍රී ලංකා පොළවේ ගුරුත්වාකර්ෂණය සිතියම්ගත කළ අවස්ථාවේ කොළඹ සිට රට අභ්‍යන්තරයට දිවෙන අසාමාන්‍ය ලක්‍ෂණ සහිත රේඛාවක් හඳුනාගෙන තිබූ බව කී සේනාරත්න මහතා එය කුමක්දැයි චන්ද්‍රිකා මගින් හඳුනාගෙන නොතිබූ බව ත් එවැනි කරුණු පිළිබඳව ද අවධානය යොමු කරමින් අධ්‍යයන සිදුකළ යුතු බව ත් ඔහු පැවසුවේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *