IMF එකඟතාවය ලබන සතියේ පාර්ලිමේන්තුවට

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ ශ්‍රී ලංකාව ඇතිකරගත් එකඟතාවයේ සැඟවීමට දෙයක් නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

අමාත්‍යවරයා කියා සිටියේ මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් එළැඹෙන සතියේ දී IMF එකඟතාවය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරනු ඇති බවයි.

මෙමඟින් විපක්ෂයට සහ විවිධ මත පළකරන පාර්ශ්වයන්ට පාර්ලිමේන්තුවේ කතා කිරීමට අවස්ථාවක් ලැබෙන බව පෙන්වා දෙන අමාත්‍යවරයා කියා සිටියේ ඔවුන්ගේ විකල්ප අදහස් ඉදිරිපත් කිරීම සඳහා අවස්ථාවක් ලැබෙන බවත් ඒ සඳහා රජය සූදානම් බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *