“සල්ලි දෙනකන් ඡන්ද පත්‍රිකා දෙන්න බැහැ”මුද්‍රණාලයාධිපති කියයි

2023 පළාත් පාලන මැතිවරණයට අදාළව දැනට මුද්‍රණය කර ඇති තැපැල් ඡන්ද පත්‍රිකා සඳහා අවශ්‍ය මූල්‍ය ගෙවීම් සිදුකරන තුරු මැතිවරණ කොමිෂම වෙත අදාළ ඡන්ද පත්‍රිකා භාරදිය නොහැකි බව රජයේ මුද්‍රණාලයාධිපති ගංගානී ලියනගේ පවසා තිබෙනවා.

දිස්ත්‍රික්ක 17කට අදාළව ඡන්ද පත්‍රිකා මේ වනවිටත් මුද්‍රණය කර අවසන් කර ඇති බවත්, අදාළ ඡන්ද පත්‍රිකා යළි පරික්ෂා කිරීම පොලිස් ආරක්ෂාව යටතේ සිදුකළ යුතු බවත් ප්‍රකාශ කළ ඇය වැඩිදුරටත් කියා සිටියේ ඒ සඳහා අවශ්‍ය වන මුදල් මෙතෙක් ලැබී නොමැති බවයි.

ඡන්ද පත්‍රිකා මුද්‍රණය සඳහා රුපියල් කෝටි 20ක පමණ මුදලක් වැය වී ඇතත් මේ දක්වා කොමිෂමට ලැබී ඇත්තේ රුපියල් කෝටි 04ක් පමණක් බවයි ඇය පවසා සිටියේ. මෙම මුදල් නොලැබීම නිසා මුද්‍රණාලයේ අභ්‍යන්තර කටයුතු පවත්වාගෙන යාමත් අර්බුදයක්ව ඇති බවත් ඇය පවසා සිටියා.

මේ ‍හේතුවෙන් නියමිත දිනට ඡන්ද පත්‍රිකාවන් නිකුත් කිරීමටද නොහැකි වනු ඇති බවයි ඇය වැඩිදුරටත් සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *