ජනතාව සහ වෘත්තීය සමිති පාරට බැස විරෝධතා කරන්නේ විදුලිබිල වැඩිවීම සහ දරාගත නොහැකි බදු බර නිසා බව Youth for Change සංවිධානයේ ජාතික සංවිධායක ළහිරු වීරසේකර පවසනවා.
ජනතා බදු මුදලින් නඩත්තු වෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ ජනාධිපතිවරයා විසින් වෘත්තීය සමිති, බහුජන සංවිධානයන් එක්ව ගෙන යන වැඩවර්ජනයන් මර්දනය කළ යුතු බවට පවසමින් සිටින බවයි ඔහු කියා සිටින්නේ.
IMF පිළිබඳව දැන් මන්ත්‍රයක් මෙන් මතුරමින් සිටින බව පෙන්වා දෙන ළහිරු වීරසේකර කියා සිටියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) යනු ප්‍රාතිහාර්ය පාන්න පුළුවන් විජ්ජාකාරයෙක් නොවන බවයි.



