මුදත් අමාත්‍යංශ ලේකම් වරයා විසින් ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සාමාජිකයෙකු ලෙස කුෂන් ජයසූරිය පත් කිරීමේදී පාර්ලිමේන්තු ව්‍යවස්ථාදායක සභාව නොමග යවමින් පනතද උල්ලංඝනය කර ඇතැයි ශ්‍රී ලංකා මහජන උපයෝගිත කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක පවසයි.
ඒ අනුව මුදල් අමාත්‍යංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන විසින් විෂය භාර අමාත්‍යවරයා හා ව්‍යවස්ථාදායකය නොමග යවමින් කොමිෂන් සභා පනතේ 5(2) උ වගන්තිය උල්ලංඝනය කර ඇති බවට ඔහු චෝදනා කරයි.
එහි සඳහන් ආකාරයට ැදිය අතර ඝට්ටනයක් ඇති පුද්ගලයෙකු කොමිෂන් සභාවේ සාමාජික ධූරය සඳහා පත් කල නොහැකිය.එසේ තිබියදී විදුලිබල කර්මාන්තය ආශ්‍රිත සමාගමකට සම්බන්ධ කුෂන් ජයසූරිය පත් කර ඇති අතර ඔහු දිවුරුම් පෙත්සමක් භාර දෙමින් පත්වීම භාරගෙන ඇත.
2023 පෙබරවාරි 14 වෙනිදා ජනක රත්නායක විසින් ැදිය අතර ඝට්ටනයක් ඇති පුද්ගලයන් පත් කල නොහැකි බවට අමාත්‍යංශ ලේකම් වරයට දැනුම් දුන් පසු ඔහු පත්වීම ලිපිය යලි කැදවා තිබේ.ලේකම් වරයා එලෙස ලිපිය යාලු කැදවීමේ හැකියාවක් නොමැති බව පෙන්වා දෙන සභාපතිවරයා මෙවැනි නීතිවිරෝධී ක්‍රියා නැවත්වීමට ඉදිරියේදී නීතිමය පියවර ගන්නා බව පවසා තිබේ.


