රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අත්අඩංගුවට ගැනීම සඳහා හේග් නුවර ජාත්‍යන්තර අපරාධ අධිකරණය විසින් වරෙන්තුවක් නිකුත් කරනු ලැබ තිබේ.
ළමයින් නීති විරෝධී ලෙස පිටුවහල් කිරීම ඇතුළු යුක්රේනයේ සිදු වූ යුද්ධ අපරාධ සම්බන්ධයෙන් ඔහු වගකිව යුතු බවට ජාත්‍යන්තර අපරාධ අධිකරණය ඔහුට චෝදනා නගා ඇත.
කෙසේ වෙතත්, රුසියාව සිය හමුදා යුක්රේනයේ යුද්ධ අපරාධ සිදු කළ බව නැවත නැවතත් ප්‍රතික්ෂේප කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
ඔහුට අමතරව ළමා අයිතිවාසිකම් පිළිබඳ රුසියාවේ කොමසාරිස්වරයාට ද වරෙන්තු නිකුත් කර ඇත.
ඊට ප්‍රතිචාර දක්වමින් පුටින්ගේ ප්‍රකාශකයා සඳහන් කර ඇත්තේ, රුසියාව සඳහා ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ අධිකරණබලය පිළිනොගන්නා බව ය.


