පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් තීන්දුවක් ලබාදුන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් පාර්ලිමේන්තුවට ගෙනවිත් ප්‍රශ්න කිරීමට වික්‍රමසිංහ ජනාධිපතිවරයා උත්සාහ දරන බවට ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක චෝදනා කර සිටී.
මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සදහන් කලේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් දොලවත්ත මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුව තුළ වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කිරීම හරහා මෙම උත්සහාය දියත් වන බවය.


