දේශීය නිෂ්පාදනයක් ලෙස පොල් අරක්කු කර්මාන්තය පවත්වාගෙන යාම මේ වන විට දැඩි අවදානමට ලක්ව තිබේ.ගස් නැගීමට ඇති අකැමැත්ත හේතුවෙන් සහ විවිධ ආකල්පමය හේතුන් නිසාවෙන් දිනෙන් දින මෙම කර්මාන්තයට යොමු වන පිරිස අඩුවී ඇත.
එබැවින් රා මදින්නන්ගේ පවතින පුරප්පාඩු මගහරවා ගැනීමට පොල් පර්යේෂණ ආයතනය මගින් පුහුණුවක් ලබාදෙන බවත් එම පුහුණුවෙන් පසු ඉහළ වැටුපකට පුද්ගලික අංශයේ පොල් රා මදින්නන් ලෙස රැකියාවේ නිරතවීමේ හැකියාව පවතින බවත් සභාපතිවරයා ප්රකාශ කළේය.
පොල් රා මැදීම සඳහා පෞද්ගලික අංශයේ සහය ඇතිව පවත්වනු ලබන පාඨමාලාව සඳහා එම වෘත්තියට කැමැත්තක් දක්වන කාන්තාවන්ටද සහභාගීවීමේ අවස්ථාව ලබාදීමට තීරණය කර ඇති බව පොල් පර්යේෂණ ආයතනයේ සභාපති මල්රාජ් පීරිස් පැවසීය.
එමෙන්ම වැඩිදුරටත් අදහස් දක්වමින් හෙතෙම සඳහන් කළේ රා මැදීමේදී ඉහළ උසක් පවතින පොල් ගස්වල රා මැදීම අපහසු වන බැවින් කුන්දිරා ප්රභේදවල රා මැදීමේ ක්රියාවලිය මේ වන විට සිදුවෙමින් ඇති බවයි.
එම වැඩපිළිවෙළේ ප්රගතිය ඉදිරි මාස කිහිපය තුළ ලැබීමෙන් පසු ඒ සඳහා කර්මාන්තකරුවන් යොමු කිරීමට නියමිතය.


