මැති ඇමති වරුන්ට දුන් කෝටි ගානක වාහන 06ක් වෙන්දේසියේ

ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ට ලබා දුන් රුපියල් කෝටි 10කට අධික වටිනාකමින් යුතු වාහන 6ක් අලුත්වැඩියා කිරීමට මුදල් ප්‍රතිපාදන නොමැති වීම හේතුවෙන් වෙන්දේසි කිරීමට කර්මාන්ත අමාත්‍යාංශය තීරණය කර ඇත.

මෙම වාහන 2013 වසරේ නිෂ්පාදිත බවත් මේ වන විට එම වාහනවල ඇතිවී තිබෙන කාර්මික දෝෂ අලුත්වැඩියා කිරීමට ඉතා විශාල මුදලක් වැය වන බව මේ පිළිබඳ විමසූ විට කර්මාන්ත අමාත්‍යාංශයේ ප්‍රධාන කර්මාන්ත සේවා නිලධාරී ගිහාන් සුමණසේකර පැවසීය.

කර්මාන්ත අමාත්‍යාංශයේ ප්‍රතිපාදනවලින් එම රථ අලුත්වැඩියා කළ හොත් අනෙකුත් වාහන අලුත්වැඩියා කිරීමට මුදල් නොමැතිව යන බව ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.

මේ නිසා ටෙන්ඩර් ක්‍රියා පටිපාටිය අනුගමනය කරමින් මේ වන විට එම වාහන වෙන්දේසි කිරීමට පියවර ගෙන ඇති බවද ඔහු පවසා සිටියේය.

ලෑන්ඩ්කුෂර් වර්ගයේ වී එයිට් (V8), ලෑන්ඩ් රෝවර්, මයික්‍රෝ, ටාටා වර්ගයේ රථ මෙලෙස 2020 වසරේ සිට අමාත්‍යාංශ පරිශ්‍රයේ ගාල් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *