සීගිරිය මහා විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ ගොඩනැගිල්ලක් ඊයේ (07) දින වනඅලි ප්‍රහාරයක් හේතුවෙන් විනාශයට පත්ව ඇත.
මීට මාස දෙකකට පෙරද පාසල් වේලාවේම වන අලි පාසල වෙත කඩා වැදුන බවත් බලධාරින් ඒ සම්බන්ධව කඩිනම් පියවර නොගන්නා බවත් විදුහල්පති පැවසුවේය.
ඒ මොහොතේ රැස්වු දේශපාලනඥයෝ හා අධ්‍යාපන නිලධාරීන් විදුලිය වැටක් අනුමත කල අතර ඒ සඳහා මුදල්ද අනුමත කල බව දැනුම් දී තිබූ බව විදුහල්පති පැවසීය.
එමෙන්ම ඔහු පවසා සිටියේ එහිදි අලි වැටට අදාල කණු ලබාදිමට වනජිවි කාර්යාලය බාරගත්තද එම කනු නොලැබිම නිසා අලි වැට ඉදි කිරීම තවමත් ප්‍රමාද වන බවයි.


