කෑගල්ල බන්ධනාගාරයෙන් පැනයාමට තැත්කල සිරකරුවෙකු මියයයි

2023.03.08 වන දින අළුයම 02.00ට පමණ කෑගල්ල බන්ධනාගාරයේ තාප්පය නායගොස් කැඩී ඇති ස්ථානය සඳහා ටකරන් ආවරණයකර ඇති කොටසින් පිටතට පැන දිවීමේ දී බන්ධනාගාර පිටත අවි අංශයේ රාජකාරි යොදවා සිටි බන්ධනාගාර නිලධාරියා විසින් නවතින ලෙස ශබ්දනගා සිරකරුවෙත දැනුම්දී ඇතත් එය නොතකා දිවයාමේ දී එම නිලධාරියා විසින් සිරකරු මෙල්ලකර ගැනීම සඳහා වෙඩිතබා ඇත. සිරකරුට සිදු වී ඇති තුවාල හේතුවෙන් කෑගල්ල බන්ධනාගාර නිලධාරීන් විසින් ඔහුව කෑගල්ල රෝහලවෙත ඇතුලත්කර ඇති අතර රෝහල් ගත කිරීමෙන් පසු සිරකරු මියගොස් ඇත.

මෙම සිරකරු වයස අවුරුදු 33ක මැල්සිරිපුර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු වන අතර නඩත්තු නඩුවක් සඳහා මාස 09ක සිරදඩුවම් සඳහා බන්ධනාගාර ගතව සිටි සිරකරුවෙකි. මොහු බන්ධනාගාරය තුල දින 14ක කාලයක් ගත කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *