කැළණි සරසවි සිසුන් විරෝධතාවයක් ආරම්භ කිරිමට සරසීමත් සමග ආරක්ෂක අංශ කැළණි සරසවිය ඉදිරිපිට නුවර පාර වසා දමා ඇත.
අත්අඩංගුවට ගෙන ඇති කැලණිය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති කැලුම් මුදන්නායක සහ දිල්ෂාන් හර්ෂණ නිදහස් කරන ලෙසත්.අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් සංවිධානය කරන ලද විරෝධතා පා ගමනට ප්‍රහාරයක් එල්ල කිරීමටත් එරෙහිව ඔවුන් මෙම විරෝධතාව සංවිධානය කර ඇත.
කැළණි සරසවිය ඉදිරිපිට ආරම්භ කර ඇති මෙම විරෝධතාවයට මේ වන විට සිය ගණනින් සරසවි සිසුන් සරසවි භුමියේ සිට පැමිණෙමින් සිටිති.පන්දම් සහිතව සටන් පාට කියමින් ඔවුහු නුවර පාර දෙසට ගමන් කරති.
කැරලි මර්ධන පොලිස් කණ්ඩායම් විශාල ප්‍රමාණයක් ජාල බව්සර් සමග සූදානම් කර තිබේ.


