වරාය නාව්ක ,හා ගුවන් අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.එස් රුවන්චන්ද්‍රගේ හිතමිතුරන් හැට දෙනෙකුට වරායේ සවාරියක් දී වරායේ මුදලින් කැම බිම මෙන්ම ටැග් යාත්‍රාවකින් මුහුද වටේ සවාරියක් රැගෙන යාමේ සිද්ධියක් මුල්කොට ගෙන වරාය වෘත්තීය සමිති වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගැනීමට සූදානම් වේ..
මෙම ආසන්න සිද්ධිය වාර්තා වන්නේ පෙබරවාරි විසි දෙවැනි දාය..
අනාවරණය වන ආකාරයට මෙම මිතුරන්ගේ දිවා ආහාරය සදහා වරායේ බිල එක්ලක්ෂ හතලිස්දාහකි.උදැසන ආහාරය සදහා වියදම තිස්පන්දාහකි.මේ මහජන මුදල් නාස්තියට අමතරව ටග් යාත්‍රාව ගෙන්වා වරායේ වටා මුහුදු සවාරියක් දිමෙන් රුපියල් පනස්දහසකට වඩා ඉන්ධන වියදමක් වරායට දරන්නට සිදුවි ඇත..මෙම ටග් යාත්‍රාවකට දින පහකට බව්සරයක පමන ඉන්ධන වියදම් වන බව වරායේ සේවකයන් පවසති.මෙම ටග් යාත්‍රාව සිවිල් පුද්ගලයන් ට සවාරි යාමට දීමට ඇමැති ලේකම් දුන් අනිතික නියෝග ඉටුකරදිමට හාබර් මාස්ටර් වරයාට අකමැත්තෙන් හෝ සිදුවි ඇත
අමාත්‍යාංශ ලේකම්වරයා මාසයකට දෙතුන් වතාවක්ම රජයේ වියදමින් තම හිතමිතුරන් පනහකට හැටකට කන්න බොන්න දී වරායේ සංචාර දෙනබව ප්‍රසිද්ධ කතාබහක් වී ඇත..මැතකදි ලේකම්වරයා ගේ මිතුරන්ගේ වරායේ සවාරියේ වරායෙන් ලබාදුන් කැම බිල ගෙවා තිබුනේ වරායේ සි.අයි.සී.ටී. හී ප්‍රධාන විධායක නිලධාරියා වන ජැක් හුවැන්ග් බව තතු දත් ආරංචි මාර්ග සනාථ කරයි..එම බිල රුපියල් ලක්ෂ හයක් බවද අනාවරණය වෙයි.
මේ සියලු කාරණා සිදුවන්නේ වරායේ සේවකයන් ගේ තේ වෙලාවට දුන් කිරිතේ එක පවා කපා දමා වියදම් කපා දමන වටපිටාවක බව සේවකයන් පෙන්වා දෙති.
තම වැටුප් ඇතුළු කප්පාදුවන් සියල්ල අතරේ අමාත්‍යාංශයේ ලේකම් රුවන්චන්ද්‍රගේ ක්‍රියාකාරකම් වලට එරෙහිව කරලියට ඒමට සිදුවන බව සේවකයන් පවසති .


