කන්කසන්තුරේ සිට කොළඹ බලා ධාවනය වූ රාත්රි තැපැල් දුම්රිය අද(08) අලුයම ගම්පහ සහ වේයන්ගොඩ දුම්රිය ස්ථාන අතර දී කාර්මික දෝෂයකට ලක්ව තිබේ.
දුම්රිය ගමනාගමන අධිකාරි එම්.ජේ ඉදිපොළගේ මහතා සඳහන් කළේ, ඒ හේතුවෙන් ප්රධාන මාර්ගයේ වේයන්ගොඩ හා ගම්පහ දුම්රිය ස්ථාන අතර දුම්රිය ධාවනය එක් මන්තීරුවක පමණක් සිදුවන බවයි.


