පුහුණු ගුවන් යානයක් කඩා වැටීමෙන් එහි ගමන් කළ ඉංජිනේරුවරයා මිය යයි

ගුවන් හමුදා පුහුණු ගුවන් යානයක් චිනවරාය කඳවුරු ප්‍රදේශයේදී අනතුරට ලක්ව තිබෙනවා.

ගුවන් හමුදා චීනවරාය විද්‍යාපීඨයේ පිහිටි අංක 01 පියාසර පුහුණු පක්ෂාංගයේ ගුවන් නියමුවන් පුහුණු කිරීම සඳහා යොදාගනු ලබන PT 6 වර්ගයේ ගුවන් යානයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි ගුවන් හමුදාව සඳහන් කළේ.

ගුවන් පරීක්ෂණ කටයුත්තක් සඳහා අද (07) උදෑසන 11.25ට පමණ චීනවරාය ගුවන් පථයෙන් ගුවන් ගත වී ඇති යානය 11.27ට පමණ ගුවන් හමුදා චිනවරාය කඳවුරු ප්‍රදේශයට කඩා වැටී තිබෙනවා.

අනතුරින් ගුවන් නියමුවා සහ ගුවන් පරීක්ෂණ රාජකාරි සඳහා එහි ගමන් කළ ඉංජිනේරු නිලධාරියා මියගොස් ඇති බව ගුවන් හමුදා මාධ්‍ය ඒකකය වැඩිදුරටත් සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *