විදුලිබල මණ්ඩලය සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුව අතර හමුවක් ඊයේ (06) සවස ජනාධිපති ලේකම් කාර්යාලයේදී පවත්වා තිබෙනවා.
ඒ අනුව සමනළවැව ජලාශයෙන් කෘෂිකාර්මික සහ වාරිමාර්ග කටයුතු වෙනුවෙන් අවශ්‍ය ජලය නිදහස් කිරීමට සහ අඛණ්ඩව විදුලිබලය ලබා දීමේ ඒකාබද්ධ වැඩපිළිවෙලක් සකස් කිරීම වෙනුවෙන් මෙම සාකච්ඡාව පැවති බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය සඳහන් කළේ.
එහිදී ගත් තීරණ අනුව විදුලිබල මණ්ඩලය සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඒකාබද්ධව සාකච්ඡා කල සහ යෝජනා කරන විසදුම් අද (07) සවස කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවයි සඳහන් වන්නේ.
එම යෝජනා පිළිබඳව සාකච්ඡා කිරීමට ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක, විදුලිබල මණ්ඩලයේ සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ නිළධාරීන් සහභාගී වූ බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.


