පකිස්ථානයේ දුම්රියක් පීලි පනියි!

පාකිස්ථානයේ සින්ද් පළාතේ දුම්රියක් පීලි පැනීමෙන් පුද්ගලයින් 30 දෙනෙකු මියගොස් පුද්ගලයින් 100 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

කරච්චි නගරයේ සිට කිලෝමීටර් 275 ක් පමණ දුරින් පිහිටි, නවාබ්ෂාහි සහරා දුම්රිය ස්ථානය අසලදී එම ශීඝ්‍රගාමී දුම්රිය පීලි පැනීමට ලක්ව ඇත.

තුවාල ලැබූ මගීන් අවට රෝහල්වලට ඇතුළත් කර ඇතිබව වාර්තා වේ.

2021 වසරේදී ද සින්ද් පළාතේ දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයන් 40කුට දිවි අහිමි විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *