ජලය ඉල්ලා ගොවීන් හෙට කොළඹට…

ගොවි ජනතාව සඳහා අවශ්‍ය ජලය ලබාදීමට රජය කඩිනමින් පියවර නොගතහොත් හෙට (07) දිනයේ කොළඹට පැමිණෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේගොඩ පවසනවා.

ඒ අනුව හෙට දිනයේ ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය වටලන බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

ලෝකය පුරා ඇතිවන දේශගුණ විපර්යාසයත් සමඟ ලෝකය පුරා ආහාර නිෂ්පාදනයේ හිඟයක් ඇතිවිය හැකි බවත් මේ හේතුවෙන් රටතුළ ආහාර නිෂ්පාදනයට ප්‍රමුඛතාව ලබාදිය යුතු බවද ඔහු සඳහන් කළා.

රජය ගන්නා වූ තීරණයේ ප්‍රතිඵලය බවට පත්වන්නේ වී අස්වැන්න, ධන්‍ය අස්වැන්න හෝ විදුලියද නොමැති වන බවත් මෙයට විරෝධය දක්වා ඇඹිලිපිය, උඩවලව ඇතුළු ගොවිජනපදවල ගොවීන් සමඟ කොළඹට පැමිණෙන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේගොඩ වැඩිදුරටත් සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *