එජාප යේ පක්ෂ සත්වත්සරය සංවිධානයට කළමණාකරණ කමිටුවක්!

එක්සත් ජාතික පක්ෂයේ හැත්තෑ හත්වන සම්මේලනය සංවිධානය කිරීම වෙනුවෙන් පක්ෂයේ සභාපති වජිර අබේවර්ධනගේ සභාපතිත්වයෙන් 14 දෙනෙකුගෙන් සමන්විත කළමනාකරණ කමිටුවක් පත්කර තිබේ.

එජාප නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී ඉකුත් සතියේ පැවති කෘත්‍යාධිකාරි මණ්ඩල හමුවේදී මෙම තීන්දුවට එළඹ ඇත.

මෙම කමිටුවට මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර, නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, උපනායක අකිල විරාජ් කාරියවසම්, ජාතික සංවිධායක සාගල රත්නායක, කෘත්‍යාධිකාරි මණ්ඩල සභිකයන් වන හරීන් ප්‍රනාන්දු, මනූෂ නානයක්කාර, කරුණාසේන කොඩිතුවක්කු, නීතිඥ දයා පැල්පොළ, රවී කරුණානායක, ක්‍රිෂාන් තියඩෝර්, නීතිඥ සුමුදු කැකුලන්දර, කිත්සිරි මංචනායක සහ මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන පත්කර තිබේ.

පක්ෂ සංවත්සරය සහ සම්මේලනය සැප්තැම්බර් 10 වන දින පවත්වනු ලබන ස්ථානය සහ සංවිධාන කටයුතු සම්බන්ධයෙන් මෙම කමිටුව තීන්දු කරන බව මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *