සෙසු මත්ද්‍රව්‍ය වලට සාපේක්ෂව අයිස් මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය අවදානය යොමු කළ යුතු මට්ටමක…

මෙරට තුළ අයිස් මත්ද්‍රව්‍ය භාවිත කරන්නන් 50,000 ක පමණ පිරිසක් සිටින බවට තොරතුරු අනාවරණය වී ඇති බව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය පවසනවා.

ඒ අනුව සෙසු මත්ද්‍රව්‍යයන්ට සාපේක්ෂව එහි ව්‍යාප්තිය අවදානය යොමුකළ යුතු මට්ටමක පවතින බවයි එහි සභාපති නීතිඥ ශාක්‍ය නානායක්කාර සඳහන් කළේ.

එසේම අයිස් මත්ද්‍රව්‍ය පාසල් පද්ධතිය තුළ ව්‍යාප්තවී නොමැති බවට සාම්පල් මගින් තහවුරුවූ බවත් පසුගිය මාස 6 ක කාලය තුළද අයිස් මත්ද්‍රව්‍ය භාවිතය සම්බන්ධයෙන් පාසල් වයසේ පසුවන කිසිවෙක් අත්අඩංගුවට ගෙන නොමැති බවද ඔහු සඳහන් කළා.

කෙසේ නමුත් පාසල් පද්ධතිය තුළ දුම්කොළ භාවිතයේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බවයි අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සභාපති නීතිඥ ශාක්‍ය නානායක්කාර වැඩිදුරටත් සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *