2023 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයෙන් ‘කලම්බෝ ස්ට්‍රයිකර්ස්’ කණ්ඩායම පරාජය කරමින් ලකුණු 21 ක ජයක් අත්කර ගැනීමට පසුගියවර ශූරයින් වූ ‘ජැෆ්නා කිංග්ස්’ කණ්ඩායම ඊයේ (30)රාත්‍රියේ සමත් විය.
කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රිඩාංගනයේ පැවති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ‘ජැෆ්නා කිංග්ස්’ කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුළු 05 ක් දැවී ලකුණු 173 ක් රැස් කළේය.
තව්හිද් රිඩෝයි පන්දු 39 ලකුණු 54 යි. දුනිත් වෙල්ලාලගේ පන්දු 23 කදී නොදැවී ලකුණු 25 ක් රැස් කළේය.
ජයග්‍රහණය සඳහා ලකුණු 174 ක ඉලක්කයක් හඹාගිය කලම්බු කණ්ඩායමට ඕවර 19.4 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 152 ක් පමණි.
‘කලම්බෝ ස්ට්‍රයිකර්ස්’ කණ්ඩායමේ නායක නිරෝෂන් දික්වැල්ල පන්දු 34 කදි ලකුණු 58 ක් රැස්කල ද එය තරගයේ ජයග්‍රහණය සඳහා ප්‍රමාණවත් නොවිය.
චාමික කරුණාරත්න පන්දු 15 කදි ලකුණු 23 ක් රැස් කළේය.
පන්දු යැවීමේදී හාඩස් විල්ජොඑන් ලකුණු 31 කට කඩුළු 03 ක් දවා ගැනීමට සමත් විය.
විජය කාන්ත් වියස්කාන්ත් ලකුණු 17 කට කඩුළු 02 ක් දවා ගත් අතර ඔහු තරගයේ වීරයා ලෙස ද සම්මාන හිමිකර ගත්තේය.
2023-07-31


