කෙහෙලියට එරෙහි විශ්වාසභංගයට සජබ අත්සන් තබයි

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ලට එරෙහි විශ්වාසභංග යෝජනාවකට සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් ඊයේ (20) අත්සන් තැබිය.

වගකීම් විරහිත ලෙස ප්‍රමිතියෙන් තොර බාල ඖෂධ සහ ශල්‍ය වෛද්‍ය උපකරණ ගෙන්වා සෞඛ්‍ය ක්‍ෂේත්‍රය දුර්වල කිරීම හා එමඟින් මරණ සිදුවීම යන කරුණු හේතු කර ගෙන සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල ට විරුද්ධව මෙම විශ්වාසභංග යෝජනාව ගෙන ආ බව සමගි ජනබලවේගය සඳහන් කළේය.

” බාල සහ ප්‍රමිතියෙන් තොර ඖෂධ ගෙන්වීම සහ භාවිතය හේතුවෙන් පසුගිය කාලයේ අප රටේ රෝහල් පද්ධතිය තුළ විශාල මරණ සංඛ්‍යාවක් සිදු විය. ඒ සම්බන්ධයෙන් දිගින් දිගටම සමගි ජන බලවේගය ආණ්ඩුව දැනුවත් කළ නමුත් ඒ පිළිබඳ ඔවුන් තැකීමක් නොකර හදීසි අවස්ථාවක් යැයි සලකා ප්‍රසම්පාදන හා ලියාපදිංචි ක්‍රියාවලියෙන් බැහැරව එම ඖෂධ ගෙන්වීම සිදු වූ අතර ඒ හේතුවෙන් මෙරට ප්‍රධාන පෙළේ රෝහල් ගණනාවකම ජීවිත අහිමි වීම් සිදු විය.”

මේ කරුණු පෙරදැරි කර ගෙන මෙම විශ්වාසභංග යෝජනාව අත්සන් තැබීම අද සිදුවන අතර මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද පාර්ලිමේන්තුවේ දී කියා සිටියේය.

 ජනතා ඡන්දයෙන් පාර්ලිමේන්තුවට පැමිණි ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට කොන්දක් තිබේ නම් මේ විශ්වාසභංග යෝජනාවට අත්සන් කරන ලෙස විපක්ෂ නායකවරයා එහිදී ඉල්ලා සිටියේය.

එසේ ම රටක සෞඛ්‍ය යනු ජනතාවගේ ජන ජීවිතය බවත් සෞඛ්‍ය පිරිහීම ජනජීවිතයේ කඩාවැටීමට හේතුවක් බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *