ඔහු යුද හමුදාවේ 11 වන යුද හමුදාපති, ඒකාබද්ධ මෙහෙයුම් අණදෙන නිලධාරි හා ආරක්ෂක ලේකම් ලෙස කටයුතු කල ජනරාල් හැමිල්ටන් වනසිංහගේ වැඩිමහල් පුත්‍රයාද වේ.
හිටපු යුද හමුදාපතිවරයකුගේ පුතෙකු යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි තනතුර දක්වා උසස් වූ පළමු අවස්ථාව මෙය වේ.
තම පියා විසින් ආරම්භ කල සැගවුණු වෙඩික්කරුවන්ට (ස්නයිපර්) වන්නි මනුෂ්‍ය මෙහෙයයුමේදී නායකත්වය දෙමින් එල්.ටි.ටි.ඊ සතුරු ඉලක්ක හබා යන්නට සටන් බිමට මෙහෙවරක් කළ නිලධාරියෙකු ලෙසද මේජර් ජනරාල් සංජය වනසිංහ ඉතිහාසයට එක් විය.
ස්නයිපර්වරුන් 90ක පමණ කණ්ඩායමක් අවසන් සටනේ නිරත සේනාංක වෙත යොමු කර තිබු අතර ඔවුන් ලබා ගත් ඉලක්ක ගණන 2700කි.
කොළඹ ආනන්ද විද්‍යාලයෙන් සිප්සතර හදාරා 1987 මාර්තු 16 දින යුද හමුදා නිත්‍ය බල සේනාවට එක් වූ ඔහු පුහුණුව අවසන් කර අධිකාරියට පත් කිරීමේ අසිපත ලබා ගත්තේ තම පියා වූ එවකට යුද හමුදාපති හැමිල්ටන් වනසිංහ අතින්ය.


