සියලු තරඟ ජය ගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම ICC ලෝක කුසලානයට සුදුසුකම් ලබයි!

ICC ලෝක ක්‍රිකට් කුසලානයට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ අවසන් මහා තරගය ලකුණු 128 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (09) සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනාගත් නෙදර්ලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් පන්දුවාර 48 ක් තුළ සියලු දෙනා දැවී ලකුණු‍ 233 ක් ලබා ගත්තා.

පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සහන් ආරච්චිගේ ලකුණු 57 ක්, කුසල් මෙන්ඩිස් ලකුණු 43 ක්, පැතුම් නිස්සංක ලකුණු 23 ක් හා චරිත් අසලංක ලකුණු 36 ක් ලබා ගත්තා.

පන්දු යැවීමේදී නෙදර්ලන්ත කණ්ඩායම වෙනුවෙන් Ryan Klein කඩුලු 2 ක්, Saqib Zulfiqar කඩුලු 2 ක්, හා Vikramjit Singh කඩුලු 2 ක් බිඳ හෙළිමට සමත් වුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නෙදර්ලන්ත කණ්ඩායමට පන්දුවාර 24 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 105 ක් පමණයි.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දිල්ෂාන් මදුෂංක කඩුලු 3 ක්, මහීෂ් තීක්ෂණ කඩුලු 4 ක් හා වනිඳු හසරංග කඩුලු 2 ක් බිඳ හෙළීමට සමත් වුණා.

ඒ අනුව ICC ලෝක ක්‍රිකට් කුසලානයට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ පැවති සියලුම තරග ජය ගනිමින් අපරාජිතව 2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට ශ්‍රී ලංකාව සුදුසුකම් ලබාගත්තා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *