පොළොන්නරුව, මනම්පිටිය, කොටලීය පාලමේ ගැටී කොටලීය ඔයට පෙරළී පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථයක් අද (ජූලි 9) රාත්‍රියේ අනතුරට ලක් වී තිබේ.
මනම්පිටිය පොලිසිය සඳහන් කළේ, අනතුරින් අවම වශයෙන් පුද්ගලයින් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇති බව ය.
එමෙන් ම, අනතුරින් තුවාල ලැබූ 20කට වැඩි පිරිසක් මනම්පිටිය සහ පොළොන්නරුව රෝහල්වලට ඇතුළත් කර ඇතැයි වාර්තා වේ.
අනතුරට ලක් වූ පිරිස මුදාගැනීමේ මෙහෙයුම් මේ වන විට ක්‍රියාත්මක බව සඳහන් ය.
එම බස් රථය කදුරුවෙල සිට අක්කරෙයිපත්තුව දක්වා ගමන් කරමින් සිටියදී මෙලෙස අනතුරට ලක්වී ඇතැයි වාර්තා වේ.


