ලූල්කඳුර තේ වතුයාය පෞද්ගලීකරණයට එරෙහිව කම්කරුවන් පාරට බසියි..

තේ වගාව ලංකාවේ මුලින්ම ආරම්භ කළ ඓතිහාසික ලූල්කඳුර වතුයාය පෞද්ගලීකරණය කිරීමේ ආණ්ඩුවේ සැලසුමට එරෙහිව කම්කරු විරෝධය එල්ලවී තිබේ.

විරෝධයට එක්ව සිටින වතු කම්කරුවන් පවසන්නේ ජනතා වතු සංවර්ධන මණ්ඩලයට අයත් මහනුවර දෙල්තොට ලුල්කඳුර වතු යාය කැබලි කොට පුද්ගලික අංශයට විකිණීමේ සැලසුමක් පවතින බවයි.

පුද්ගලික අංශයේ ගැනුම් කරුවන් පිරිසක් ඉකුත් 25 වැනිදා ලුල්කඳුර වත්තට පැමිණීමත් සමග වතු කම්කරුවන් විසින් උපවාසයක් හා අඛණ්ඩ උද්ඝෝෂණ ව්‍යාපාරයක් දියත්කර තිබේ.

ලුල්කඳුර වතු පාලකයන් විසින් වතු යාය පෞද්ගලිකරණය නොකරන බවට ලිඛිත සහතිකයක් ලබා දෙන තෙක් උපවාසය හා උද්ඝෝෂණ ක්‍රියාමාර්ග අත්නොහරින බවට වතු කම්කරුවෝ පවසති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *