එළවලු මිලෙහි සීඝ්‍ර වැඩි වීමක්!

වෙළදපොලේ එළවලු මිල ගණන්හි මිලෙහි විශාල ඉහල යාමක් මේ දින වල දක්නට ලැබේ.

අමු මිරිස් කිලෝවක සිල්ලර මිල රුපියල් දහසක් (1000) ක් දක්වා ඉහළ ගොස් ඇත.

අමු මිරිස් කිලෝවක තොග මිලද රුපියල් 800 ත් 900 ත් අතර මිලක් දක්වා ඉහළ ගොස් ඇති බව ආර්ථික මධ්‍යස්ථාන තොරතුරු සඳහන් කරයි.

පසුගිය සතිවලදී අමු මිරිස් කිලෝවක් රුපියල් 350 ත් 500 ත් අතර මිලකට අලෙවි කෙරිණි.

එළවළු වෙළෙඳ පොළට සැපයෙන අමු මිරිස් තොග ප්‍රමාණය විශාල වශයෙන් අඩුවීම නිසා මෙලෙස මිල ගණන් ඉහළ ගොස් ඇතැයි එළවළු වෙළෙන්දෝ පවසති.

ඉදිරි දිනවලදී අමු මිරිස් මිල ගණන් තවදුරටත් ඉහළ යනු ඇතැයිද වෙළෙඳ පොළ ආරංචිමාර්ග සඳහන් කරයි.

මේ අතර අනෙකුත් බහුතරයක් එළවළුවල මිල ගණන් මීට සති දෙකකට පෙර පැවැති ප්‍රමාණයට වඩා දෙගුණයකින් ඉහළගොස් ඇති බවද නිරීක්ෂණය වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *