සීමානිර්ණ ජාතික කමිටු අතුරු වාර්තාවට සියලු දේශපාලන පක්ෂවල විරෝධය…

සීමානිර්ණ ජාතික කමිටුවේ අතුරු වාර්තාවට සියලු දේශපාලන පක්ෂ සිය විරෝධය පළ කර ඇතැයි, පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍යාංශය පවසයි

රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා සඳහන් කළේ, එම වාර්තාවෙන් කොට්ඨාස කිහිපයක් එකතුකර , තනි කොට්ඨාසයක් සකස් කිරීමට යෝජනා කිරීම ඇතුලු කරුණු හේතුවෙන්, ඇතැම් ජන කණ්ඩායම්වලට අසාධාරණයක් සිදුවනු ඇතැයි යන කරුණු ඊට හේතු වී ඇති බවයි.

බහුතර දේශපාලන පක්ෂ සංඛ්‍යාවක් කොට්ඨාස ක්‍රමයට වඩා පැරණි මනාප ක්‍රමයට පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සිය කැමැත්ත පළ කර ඇතැයි, රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා සඳහන් කළේ ය.

මේ අතර පළාත් පාලන මැතිවරණයේදී අපේක්ෂක ලැයිස්තුවෙන් සියයට 25ක් තරුණ නියෝජිතයින් සඳහා ලබා දීමට අදාළ යෝජනාවට කඩිනමින් පාර්ලිමේන්තු අනුමැතිය ලබා ගැනීමට අපේක්ෂා කරන බව රාජ්‍ය අමාත්‍යවරයා  පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *