තිරිඟු පිටි අත්‍යවශ්‍ය භාණ්ඩයක් බවට ප්‍රකාශ කරමින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.
වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිත අමාත්‍ය නලීන් ප්‍රනාන්දු විසින් ඊට අදාළ ගැසට් පත්‍රය නිකුත් කරනු ලැබ ඇත.
එහි දැක්වෙන්නේ, තිරිඟු පිටි ජන ජීවිතයට අත්‍යවශ්‍ය භාණ්ඩයක් වන බව තම මතය වන බැවින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විමසීමෙන් පසු එම භාණ්ඩය ‘නිශ්චිත භාණ්ඩ’ වශයෙන් 2003 අංක 9 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනතේ (සංශෝධිත) 18 වන වගන්තිය යටතේ නියම කරන බව ය.
එය ජූනි මස 16 වන දින මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන බව එහි වැඩිදුරටත් සඳහන් වේ.
මේ අතර, අත්‍යවශ්‍ය භාණ්ඩයක් ලෙස ‘නිශ්චිත භාණ්ඩ’ ලැයිස්තුවට ඇතුළත් කර තිබුණු පෙට්‍රෝලියම් ගෑස් එම ලැයිස්තුවෙන් ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.
වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු විසින් ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කරනු ලැබ ඇත.


